Kitchen
දෙල් ඇඹුල
අවශ්‍ය දුව්‍ය
දෙල් ගෙඩි 01
ලුණු ස්වල්පයක්
කහ 1/2Tsp
මිරිස් කුඩු 1Tsp
ලොකු ලූනුගෙඩි 01
අමු මිරිස් කරල් 02
සුදු ලූනු බික් 02
අබ ඇට ස්වල්පයක්
කරපිංචා ඉත්තක්
සියඹලා යුෂ
සීනි ස්වල්පයක්
වතුර
තෙල්
සදන ක්‍රමය
දෙල් පැතලි හැඩයට කැබලි කපන්න. ලුණු, කහ, මිරිස් කුඩු, ලූනු, අමු මිරිස් දමා හොඳින් තම්බන්න.තෙල් ස්වල්පයක් ලිප තබා සුදු ලූනු, අබ ඇට, කරපිංචා යන්තම් බැදෙන විට තම්බා ගත් දෙල් දමන්න. සියඹලාවලට සීනි හා වතුර ස්වල්පයක් දමා මිරිකා ඉස්ම ලබාගෙන එයට එකතු කරන්න.